Aboutceylon Online

මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙවර මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවයි.

ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරන පුවරු ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වන බවයි.



අද මධ්‍යම රාත්‍රී 12.00 පසු ආරම්භ වන නිහඬ කාලසීමාව තුළ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂකයින් නීති විරෝධි ක්‍රියාවලින් වැලකී නිදහස් සහ සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමට උපරිම සහය වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ඉල්ලීමක් කර තිබේ.

Scroll to Top