Aboutceylon Online

නාවලපිටිය වැසි ජලයෙන් යට වේ – රථවාහන ගමනා ගමනයට බාධා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයට  ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක්  ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .

නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 300 පමණ මෙසේ  වැසි ජලයෙන් යට වි  තිබුණි.



වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය .

සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට විම නිසා එම නගරයට පිවිසෙන පාර්භෝගික ජනතාව ගැටළු රැසකට මැදි විය.

Scroll to Top