Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කන්දකාඩු කොරෝනා පොකුර 597 දක්වා ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද උදෑසන 06වනවිට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 23 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 17 දෙනෙකු සේනපුර පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර අනෙක් හයදෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.



ඒ අනුව මුලු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2804 දක්වා ඉහළ යනු ඇති.

සුවය ලැබූ සමස්ත ගණන 2121 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් 673 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

Scroll to Top