යහපාලන ආණ්ඩුව ජනතාවගේ අයිතිවාසිකම් ලබා නොදි රටට වැඩ නොකල ආණ්ඩුවක් වු බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නායක සහ අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පැවසිය.
අග්‍රාමාත්‍යවරයා එ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ 2020 මහ මැතිවරණය සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන සි.බි.රත්නායක මහතාගේ ජය තහවුරු කිරිම සදහා (26) දින ගිනිගත්හේන බදුපොල ක්‍රිඩාංගණයේ පැවති රැස්විමක් අමතමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ
2015 දි අපේ ආණ්ඩුව පරාජයට පත් වෙලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පත් වුණා.
අපේ අයිතිවාසිකම් අපිට ලබ නොදි , රටට වැඩක් කරන්නේ නැති ආණ්ඩුවක් බවට පත් වුණා.
ඒකට මුලික හේතුව වුණේ රටේ ජනාධිපති සහ අගමැති පක්ෂ දෙකක නායකයන් විම.
මේ දෙන්නා විරසැක වුණ දවසේ ඉදන් පටන් ගත්තා සටන.
ජනාධිපති කියන දේ අගමැති කරේ නැ , අගමැති කියන දේ ජනාධිපති කරේ නැ.
එකෙන් බැට කැවේ කවුද මේ රටේ ජනතාව ,
ඒ අණ්ඩු අපිට හිරේ දාන්න වැඩ කරා , මට කොමිෂන් සභා දෙකකට මුහුණ දෙන්න වුණා.
අපේ ඇමතිවරු හිර කලා ,
දේශපාලනයට සම්බන්ධ නැති මගේ පුතා යෝෂිතව නාවික හමුදාවේ සේවය කරන එයාව රිමාන්ඩ් කලා. දවස් 46 ක්.
විමල් විරවංශව දවස් අනු ගාණක් සිර කලා , එක එක්කෙනා අරගෙන සිර කලා.
හම්බන්තොට වරාය විකුණනකොට ජි.එල් පිරිස් මහතා ගිහින් විරෝධය පල කරන කොට කදුළු ගැස් ගහලා පලවා හැරියා.