Aboutceylon Online

පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීමේ බලය ප්‍රාදේශීය මට්ටමින් රාජ්‍ය නිලධාරීන්ට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීමේ බලය ප්‍රාදේශීය මට්ටමින් රාජ්‍ය නිලධාරීන්ට ලබාදීමට රජය තීරණය කර තිබේ.

බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ, ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සතිය තුළ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ගම් මට්ටමේ ව්‍යවස්ථාපිත නිලධාරීන්ට එම බලය පැවරෙන බව ඔහු පැවසුවේ ය.

ලේකම්වරයා සඳහන් කළේ, ගම් මට්ටමින් ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන අදාළ නිලධාරීන් විසින් හඳුනාගෙන ඒවා සුරක්ෂිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බවය.

මේ සඳහා රාජ්‍ය නිලධාරීන් යොදා ගැනීම සඳහා අවශ්‍ය එකඟත්වය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලබා ගැනීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානවල හඳුනාගත් ඉඩම්වල සංඝාවාස සහ විහාරස්ථාන ඉදිකිරීම සඳහා අවසර දීමට රජය තීරණය කර තිබේ.

ඊට අදාළ චක්‍රලේඛය ද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ ය.

 

Scroll to Top