අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිත පුද්ගලයා සිය ගමන් මාර්ගය සම්බන්ධයෙන් ලබාදී ඇති තොරතුරු අසත්‍ය බවට ඊයේ හෙළි වුණා.
ඒ අනුව අදාළ පුද්ගලයා විසින් පලා යාමෙන් පසුව සිදු කළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පරීක්ෂණ පුළුල් කර ඇති බව සදහන්.
රෝගියා වගකීම් විරහිතව ක්‍රියා කිරිම හේතුවෙන් ඔහුට එරෙහිව නිරෝධායන පනත සහ දණ්ඩ නීති සංග්‍රහය අනුව ඉදිරියේදී නීතිමය පියවර ගනු ඇති.