Aboutceylon Online

සෞඛ්‍ය මාර්ගෝපදේශ නියෝග කඩ කරන්නන්ට නීතිය දැඩි වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් නියෝගවලට පටහැනිව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැෆ්රල් සංවිධානය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමුකරමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කර ඇත්තේ නව කොරෝනා වෛරස ව්‍යප්තිය සැළකිල්ලට ගනිමින් මැතිවරණය පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ඇතුළත් ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පසුගියදා නිකුත් කළ බවයි.



මැතිවරණ රැස්වීම් සංවිධානය කිරිමේ දී අදාළ නියෝගයන් පිළිබඳ දේශපාලන පක්ෂ සහ එම රැස්වීම් සංවිධායන කරන පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබදව කිසිදු අවදානයක් යොමුකර නොමැති බැවින් එම තත්ත්වය බරපතල සෞඛ්‍ය අවදානමකට අතවැනීමක් බවත් වැඩිදුරත් සදහන් කරයි.

Scroll to Top