Aboutceylon Online

සාමකාමී මැතිවරණයක් උදෙසා කැෆේ ගමින් ගමට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සාමකාමී මැතිවරණයක් උදෙසා කැෆේ සංවිධානය ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අරඹයි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා සඳහන් කළේ මේ මස 24 වන දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් මෙමවැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

එහි ආරම්භක අදියර මේ මස 24 වන දින දකුණු පළාතෙන් සහ උතුරු පළාතෙන් ආරම්භ වන බවත් ඉන් අනතුරුව දිවයිනේ සියලු දිස්ත්‍රික්ක වෙත මෙම වැඩසටහන ගෙනයාමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවසීය.



මෙම වැඩසටහන සඳහා සෑම දිස්ත්‍රික්කයකම සර්වාගමික නායකත්වය, දේශපාලන පක්ෂ නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගි කරවා ගැනීමට සැලසුම් කර ඇති බවත් එහිදී සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට එම පාර්ශවවල දායකත්වය ලබාදීම පිභිඳව දැනුවත් කිරීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙවර මහ මැතිවරණයේ ගතවූ සති කිහිපය තුළ විවිධ  ආකාරයේ මැතිවරණ සාමයට බලපෑම් එල්ලවන අවස්ථා රැසක් නිරීක්ෂණය කළ හැකිවූ බව පෙන්වා දෙන මනාස් මකීන් මහතා සඳහන් කළේ මෙම තත්වය බරපතල අතට හැරීම වළක්වා ගැනීම මෙම වැඩසටහනෙහි අරමුණ බවයි.



විශේෂයෙන් මැතිවරණ වේදිකා සහ සමාජ මාධ්‍ය ඔස්සේ ක්‍රියාත්මක වෛරී සහගත ප්‍රකාශ, ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වන බවත් එමඟින් මැතිවරණයක සාමකාමී බවට බාධා එල්ල කරන බවත් කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දුන්නේය.

මේ වනවිට කැෆේ සංවිධානය විසින් මෙවර මැතිවරණ ක්‍රියාවලියේදී “හොට්ස්පොට්ස් (Hot spots)” ලෙස  ස්ථාන 10ක්  හදුනාගෙන ඇති බව කියා සිටින මනාස් මකීන් මහතා පෙන්වා දෙන්නේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කය ඒ අතරින් ප්‍රමුඛ වන බවයි.

මෙවැනි වාතවරණයක් තුළ සාමකාමී ලෙස  මැතිවරණ  ක්‍රියාවලිය පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සැකසීම මෙම වැඩසටහනෙහි අරමුණ බව මනාස් මකීන් මහතා වැඩිදුරටත් පවසයි.

Scroll to Top