කොරෝනා වෛරසයට එරෙහි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය නිපදවන ලද එන්නත ආරක්ෂිත මෙන්ම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීමට සමත් බව විදෙස් වාර්තා සදහන් කරයි.
මේ අතර එක්සත් රාජධානිය දැනටමත් එන්නත් මාත්‍රා මිලියන අනූවක් සඳහා එක්සත් රාජධානි රජය ගිවිසුම් අත්සන් කර ඇණවුම් කර ඇති බව සදහන්.
පුද්ගලයන් 1,077 දෙනෙකු සම්බන්ධ අත්හදා බැලීම්වලින් පෙනී ගොස් ඇත්තේ මෙම එන්නත මඟින් කොරෝනා වයිරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ සහ ටී සෛල නිපදවීමට හැකි බවයි.
එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සාරා ගිල්බට් මෙසේ පවසයි: අපගේ එන්නත කොවිඩ් -19 වසංගතය පාලනය කිරීමට උපකාරී වේද යන්න තහවුරු කිරීමට පෙර තව බොහෝ වැඩ කළ යුතුව ඇත.
මෙම එන්නත මගින් මිනිසුන් රෝගාතුර වීම වළක්වා ගත හැකිද යන්න හෝ කොවිඩ් -19 රෝග ලක්ෂණ අඩු කර ගත හැකිද යන්න අධ්‍යයනය සඳහා 10,000 කට අධික පිරිසක් සහභාගී කරගෙන ඉදිරියේදි පරීක්ෂණ පවත්වනු ඇත.
BioNtech සහ Pfizer මෙන්ම Valneva යන ඖෂධ සමාගම් අතර ඇතිකර ගත් සන්ධානයක් මගින් කොරෝනා වෛරසයට එරෙහි එම එන්නත් පිළිබඳව පර්යේෂණ සිදු කරනු ලැබේ.