Aboutceylon Online

දිස්ත්‍රික් කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් 05 කට බලපැවැත්වෙන පරිදි නායයෑම් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

හෙට පෙරවරු 9 තෙක් කොළඹ , ගාල්ල , කලුතර , රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් සඳහා එය බලාත්මක වනු ඇත.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.



ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර කොටසට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

ඒ අනුව එම කොටස තාවකාලිකව වසා දමා ඇති බවයි දැනුම් දෙන්නේ.

පවතින වැසි තත්ත්වය හේතුවෙන් කිරුළපන බේස්ලයින් හන්දිය ජලයෙන් යටවීම හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ වාහන තදබදයක් පවතින බව පොලිසිය සඳහන් කළා.

Scroll to Top