Aboutceylon Online

ජිවන වියදම ඉහල යාමට එරෙහිව ජාතික ජන බලවේගයෙන් නිහඩ විරෝධතාවයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජිවන වියදම වැඩි විමට එරෙහිව සහ අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය 26 ක බදු බර වැඩි කිරිමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන නිහඩ විරෝධතා ව්‍යාපාරයක් හැටන් නගරයේ ඔරලෝසු කණුව අසලදි සිදු කෙරිණ.

ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක මංජුල සුරවිරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවයට ජාතික ජන බලවේගයට සහයෝගය දක්වන වතුකරයේ විශාල පිරිසක් විරෝධතා පුවරු කිහිපයක්  ප්‍රදර්ශනය කරමින් නිහඩ විරෝධතාවය දැක්විය.



මෙම විරෝධතාවයේදි මාධ්‍යයට අදහස් දැක් වු ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක මංජුල සුරවිර ආරච්චි මහතා කියා සිටියේ ජනාධිතිවරණයේදි සහ රජය බලයට පත් විමේදි ජනතාවට ලබාදුන් පොරොන්දු කිසිවක් මෙතෙක් ඉටු කර නොමැති බවයි.

දිනෙන් දින බදු මුදල්  වැඩි කරන බවත් , ඉන්ධන සහනාධාරය ලබා දිමට රජය මෙතෙක් අපොහොසත් වි ඇති බවත් , රජය විසින් ජනතාව වෙත ලබා දුන් දිමනා සහ සහන මෙතෙක් ලබානොදි රටේ ජනතාව මුලා කරමින් යලිත් රජයක් පිහිටුවිමට අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා  පොදු ජන පෙරමුණ බලයට පත්විමට ජනතාව මත බොරු පොරොන්දු  රාශ්‍රියක් මේ වන විට ලබාදෙමින් සිටින බවයි මංජුල සුරවිර මහතා කියා සිටියේ.

Scroll to Top