Aboutceylon Online

ගෝඨාභය මහත්තයා අපි හැදුවනේ. ශක්තියක් දෙන්න පුළුවන් කණ්ඩායමක් නිර්මාණය කරන්න ඕන

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගෝඨාභය මහත්තයා අපි හැදුවනේ දැන් එහෙනම් ඔයාම කරන්න කිව්වට හරියන්නේ නෑ.අපි එතුමටත් හයියක්, ශක්තියක් දෙන්න පුළුවන් කණ්ඩායමක් නිර්මාණය කරන්න ඕනකම තියෙනවා යැයි හිටපු අමාත්‍යය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ එප්පාවල කටියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය,
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අගෝස්තු මාසේ 05 වැනිදා පොහොට්ටුවට කතිරය ගැහුවම, අපි දිනවන්නේ පොහොට්ටුව වෙන්න පුළුවන්.හැබැයි අපි දිනවන්නේ රටක් කියන එක අමතක කරන්න එපා.

අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති පුටුවේ වාඩි කළා වගේම, අපිට යුතුකමක් තියෙනවා, එතුමත් එක්ක වැඩ කරන්න පුලුවන් පිරිසක් පාර්ලිමේන්තු යවලා 2/3 ක බලයක් එක්ක ගෝඨාභය මහත්තයා එක්ක මේ රට වෙනස් කරන එක අපේ වගකීමක් වෙලා තියෙනවා.

එහෙම නැතිව ගෝඨාභය මහත්තාය අපි හැදුවනේ දැන් එහෙනම් ඔයාම කරන්න කිව්වට හරියන්නේ නෑ.අපි එතුමටත් හයියක්, ශක්තියක් දෙන්න පුළුවන් කණ්ඩායමක් නිර්මාණය කරන්න ඔ්නකම තියෙනවා.ඒ වෙනුවෙන් අපි ඉල්ලීමක් කරනවා තාමත් අපිත් එක්ක අත්වැල් බැඳගත්තේ නැති කණ්ඩායමක් ඉන්නවා නම් ඒ සියලු දෙනාත් අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා.

අපිට ඒ අයට කියන්න බොහෝ දේවල් තියෙනවා.කරපු සංවර්ධන වැඩ වගේම රට හරි පාරේ යන කොට ඒකේ හවුල්කාරයෙක් නොවි ඉන්න බැරිකමකුත් තියෙනවා.

ඒ වගේම පැරදිලා ගමේ නිකං ඉන්නත් බෑ නේද? තව අවුරුදු කීයක් කියලා බලන් ඉන්නද? තව අවුරුදු 20-30 කට ආයේ වෙන ආණ්ඩු නෑ. අවුරුදු 20-30 ක් වෙනකල් අපි ගෙන යන්නේ අපේ ආණ්ඩුවක් කියන එක ඉතාම පැහැදිලිව කියනවා.අපි ශක්තිමත් ගමනක් යන්නේ, ඒ නිසා සියලු දෙනාටම අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න පුළුවන්කම තියෙනවා.

පොහොට්ටුවට කතිරය ගහලා අපි ශක්තිමත් ආණ්ඩුවක්, 2/3 ක බලයක් සහිත ආණ්ඩුවක් හදනවා.හැබැයි ආණ්ඩුව විතරක් තිබ්බම ඇතිද? ගමේ පාර හදාගන්න අවශ්‍යයි.ඒ සඳහා අපේ කියන කණ්ඩායමක් අවශ්‍යයි.ඒ නිසා තමයි මනාප තුනක් දීලා තියෙන්නේ.ඒ මනාප සුදුසු අයට ලබා දෙන්න.

කවුරු මොන විදිහට කිව්වත් අගෝස්තු මාසේ 05 වැනිදා වෙන කොට නියත වශයෙන්ම අනුරාධපුරයෙන් මන්ත්‍රීවරු 07 ක් අපි පාර්ලිමේන්තු යවනවා යැයිද එහිදී වැඩිදුරටත් පැවසීය.

Scroll to Top