සමහරු නම් අපිට මනාප දෙන්න එපා කියාගෙන යනවානේ.අපි මනාප දෙන්න එපා කියලා නොයෙක් දේවල් කියනවා.අපි නම් කාටවත් දෙන්න එපා කියලා කියන්නේ නෑ,මනාප බලෙන් ගන්නත් බෑ, බලෙන් දෙන්නත් බෑ.
අනුරාධපුර අය ගම්පහ වගේ වෙන්න එපා යැයි හිටපු අමාත්‍යය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුරයේ පැවති ජන හමුවකදීය
ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා,
මේ මැතිවරණයේ පොඩි වෙනසක් තියෙනවා, වෙනදා අපි පාර්ලිමේන්තු මැතිවරණයකදී ඉල්ලන්නේ ආණ්ඩුවක් අපිට හදලා දෙන්න කියලා.හැබැයි මේ පාර අපි ඉල්ලන්නේ ආණ්ඩුවක් නෙමෙයි, අපි ඉල්ලන්නේ 2/3 ක බලයක් අපිට ලබා දෙන්න කියලා.ඒ බලය අපි ඉල්ලන්නේ ඡන්දේ දිනුවට පස්සේ හංදියට පැනලා රතිඤ්ඤා ටික පත්තු කරලා, කෑ කෝ ගහන්න නෙමෙයි, අපිට කතිරය ගහපු නැති අයගේ ගෙවල් වලට ගිහින් ගලක් ගහලා එන්න නෙමෙයි.
අපිට ඊට වඩා අරමුණක් තියෙනවා, අපි ගෝඨාභය මහත්තයා දිනවන කොට, අපි අත්වැල් බැද ගත්තේ මේ රට වෙනස් කරන්න බලාගෙන.හැබැයි අපි දැක්කා එතුමට මේ වෙනස තනියම කරන්න බෑ කියලා.එහෙම නම් එතුමට ගැලපෙන පිරිසක් ඉන්න ඔ්න, එතුමට මේ දේ කරන්න 2/3 ක බලයක් දුන්නොත් අයින් කරන්න අවශ්‍ය නීතී රීතී අයින් කරන්න, එකතු කරන්න ඔ්න ඒවා එකතු කරන්න, මේ රට වෙනස් කරන්න අපිට පුළුවන්කම තියෙනවා.
එහෙම නම් අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලන්නේ 2/3 ක බලයක් එක්ක අපිට ආණ්ඩුවක් දෙන්න කියලා.තාමත් පොහොට්ටුවේ ජයග්‍රහණයත් එක්ක එකතු නොවිච්ච අය තාමත් ගමේ ඉන්නවා වෙන්න පුළුවන් , ඒ් අයටත් අපි පැහැදිලි කරලා දෙන්න ඔ්න මේ මැතිවරණයේදී අපි කතිරය ගහන්නේ පොහොට්ටුවට වෙන්න පුළුවන්, දිනවන්නේ පොහොට්ටුව වෙන්න පුළුවන්, හැබැයි හැබෑවටම දිනන්නේ පොහොට්ටුව නෙමෙයි.
හැබෑවටම දිනන්නේ රට.රටක් නැගිට්ටවන්න, රටක් වෙනස් කරන්නයි අපි මේ යන්නේ, ඒ් විතරක් නෙමෙයි කොරෝනා නිසා වැටුණු රට නැගිට්ටවලා, අපේ දරුවන්ගේ අනාගතය සුභවාදී කරන මහා සත්කාරයටයි අපි මේ දායක වෙන්නේ.
මේ මල් වට්ටියට අත නොගහා ඉන්න පුළුවන්ද? එක්සත් ජාතික පක්ෂයට, මාලිමාවට ආණ්ඩුවක් හදන්න පුලුවන්ද? තව අවුරුදු 20-30 කටවත් ආණ්ඩුවක් ගන්න බැරි පක්ෂයකට කතිරය ගහලා මේ සුභවාදී වැඩේට දායක නොවී ගමේ කොන්වෙලා ඉන්න එකේ තේරුමක් තියෙනවාද? ඒ නිසා මම ආරාධනා කරනවා ඒ් හැමෝටම අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න කියලා.
අපි හරි දක්ෂයිනේ සාමූහික ජයග්‍රහණයත් අපේ කියා ගන්න, මම ඉල්ලීමක් කරනවා මේ ජයග්‍රහණය තමන්ගේ කර ගන්න එපා.මේ ජයග්‍රහණය රටේම ජයග්‍රහණයක් කර ගමු.සියලු පාර්ශව කරුවන්ට ඒ ගෞරවය දෙමු.අපිට 2/3 ක් ගන්න නම් ඉන්න එක්කෙනාට වඩා තවත් ඡන්දයක් අපි එකතු කර ගන්න ඔ්නකම තියෙනවා.එහෙම නම් අපිත් එක්ක එන කෙනාටත් ඒ නිසි ගෞරවය දෙන්න.මොන පක්ෂයට කලින් කතිරය ගැහුවත් කමක් නෑ, මොන කණ්ඩායමත් එක්ක කලින් හිටියත් කමක් නෑ.
හැබැයි ඒ අයගේ සහයෝගය මත තමයි අපිට 2/3 ක බලයක් අපිට ලබා ගන්න පුලුවන්කම තියෙන්නේ.ඒ් නිසා සියලු දෙනාටම මෙහි පාර්ශවකාරයෝ විදිහට ඒ ගෞරවය ලබා දෙන්න කියලා අපේ අයගෙන් ඉල්ලීමක් කරනවා.එහෙම කියන්න ප්‍රධාන හේතුව තමයි අපි කැන්වසින් එහෙම යන කොට යූ.එන්.පී ගෙයක් ගාවින් යන කොට අපි අපේ කොළයක්වත් දෙන්න යන්නේ නෑ.
අපි කියන්නේ ඔ්කුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ කියලා.ගේ දිහාවත් නොබලා යනවා.හැබැයි මේ වෙලාවේ ඒහෙම කරන්න එපා.අපි රටක් දිනවන්නයි මේ යන්නේ, හැමෝම මේකේ කොටස්කාරයෝ -පංගුකාරයෝ කර ගන්න.අපිට ඔ්නකම තියෙන්නේ රටක් දිනවන්න මිසක් වෙන දේවල් නෙමෙයි.
අපි කාටවත් බනින්නේ නෑ, සමහරු නම් අපිට මනාප දෙන්න එපා කියාගෙන යනවානේ.අපි මනාප දෙන්න එපා කියලා නොයෙක් දේවල් කියනවා.අපි නම් කාටවත් දෙන්න එපා කියලා කියන්නේ නෑ,මනාප බලෙන් ගන්නත් බෑ, බලෙන් දෙන්නත් බෑ.මනාප 03 ගහන කොට වැඩක් කර ගන්න පුළුවන් අයත් එක්ක සම්බන්ධ වෙන්න.සමහර අය ඉන්නවා හිටපු ඇමතිවරු මොනවද කලේ අහනවා. එහෙම අහන අය මෙහෙ අය නම් තව කමක් නෑ, අනුරාධපුරයේ ඇඩ්රස් එකක්වත් නෑ, හැබැයි හිටපු එවුන් මොනවද කලේ අහනවා.
අපි අහන්නේ එයා මොනවද කරලා තියෙන්නේ? වැලි තාච්චියක්වත් දාලා තියෙනවාද? 1948 ඉඳන් අවුරුදු 72 ක් තුළ තාම සියලුම වැඩ ඉවර වෙලා නෑ තමයි.පිට එවුන් ඇවිත් අහනවා හිටපු එවුන් මොනවද කලේ කියලා.වැලි තාච්චියක්වත් දාලා නැතිව, ඇඩ්රස් එකක් දන්නේ නැතිව අහනවා එහෙම.ඒ නිසා බොහෝම පරිස්සමින් මේ මනාපය පාවිච්චි කරන්න.
අනුරාධපුර අය ගම්පහ වගේ වෙන්න එපා.ගම්පහ අය දෙපාරක්ම කෙළව ගත්තා.අපි කියනවා බුද්ධිමත්ම, ආර්ථිකය ශක්තිමත්ම පළාත කියලා හැබැයි දෙපාරක් කෙලවගත්තා.පහුගිය කාලේ ඔබතුමන්ලාම පාර්ලිමේන්තුව වහන්න, ඒකේ ඉන්න එවුන් මැරෙන්න ඔ්න කියලා කිව්වා.හැබැයි එකෙක් – දෙන්නෙක් කරන වැරදි වලට 225 ම බැණුම් අහන්න ඔ්නද? ඒ නිසා හරි හමන් එවුන් පාර්ලිමේන්තු යවන්න ඔ්න.වැඩක් කරන්න පුලුවන්, ගමේ රටේ ජීවත් වෙන, අපේ කියන එවුන් ටිකක් එක්ක අපි මේ ගමන යන්න අවශ්‍යයි.
තව කෙනෙක් කියනවාලු, මට කියන්න එපා ළමයි ඉස්කෝලේ දාලා දෙන්න කියලා, මගෙන් රැකියා ඉල්ලන්නත් එපා.මම ඉන්නේ ජාත්‍යන්තරයෙන් මුදල් අරන් ඒන්න කියලා කියනවාලු.සල්ල අරන් එනවා නම් මහ බැංකුවේ රස්සාවක් දෙන්න ඔ්න.අපිට කරදරයක් නෑ ඒතකොට. පාර්ලිමේන්තු යවන එකාගෙන් අපිට ඔ්න කැඩිච්ච පාර හදාගන්න, වැව හදාගන්න, එහෙම නම් අපි තේරුම් ගන්න ඔ්න, අපිට ගැලපෙන, පොළවේ පයගහලා ඉන්න අපිට වැඩක් කර ගන්න පුළුවන් කට්ටිය කවුද කියලා.ඒ නිසා වරද්දගෙන කෑවෝ කෑවෝ කියන්න එපා.මේක පෙට්ටියට දැම්මට පස්සේ ගන්න බෑ ආයේ.ආයේ අරන් මකලා ගහන්න බෑ.හරියට හොයලා හරියට හිතලා ගහන්න ඔ්න ඔබතුමන්ලාගේ ඡන්දය.ඒ හරහා තමයි ගමට වැඩක් කර ගන්න පුලුවන්කම තියෙන්නේ.
කාන්තා සමිතියට ඉවුම් පිහුම් කට්ටලයක් දුන්නම කාන්තාවන්ගේ කට කනේ, ආයේ ගෙදර ඉන්න මිනිහටත් වඩා ලොකුයි ඒවා දුන්න එකා, ඌ ඉන්න තැනක් දන්නෙත් නෑ, අදුරන්නෙත් නෑ, අර සාස් පාන් කට්ටලය ලඟ තියාගෙන කියනවා ෂෝක් මහත්තයා මේ මහත්තයා ගැනත් හිතන්න වෙනවා කියලා.
අවුරුදු 05 කට පාරක් එන ඡන්දයේ මනාපයක් ගහනවා අර සාස්පාන් කට්ටලයට.මරණාධාර සමිතියට පුටු 05 ක් දුන්නමත් එහෙමයි.හට් එක හදලා දුන්න එකා, සමිති ශාලාව හදලා දුන්න එකා වෙනයි, අවුරුදු ගානක් උදව් කරපු එකා අමතකයි ඡන්දේ කාලෙට පුටු ටිකක් ගේන එකා ගැන හිතන්න වෙනවාලු.පන්සලට ලවුඩ්ස්පීකරයක් දුන්නම ඒ ලවුඩ්ස්පීකරයෙන්ම හාමුදුරුවෝ කියනවා ශෝක් මහත්තයා, අපිට තීබුණ අඩුව පුරවලා දුන්නා ඒ නිසා මේ පාර පොඩ්ඩක් හිතන්න වෙනවා කියලා.ඔහොම නේද කතිර ගහන්නේ.
අපි එක පාරක් උදැල්ලටත් ගැහුවා නේද කතිරය.මෙච්චර පොළවත් එක්ක හැප්පෙන අපේ ගෙදර උදලු දෙක තුනක් තිබ්බත්, අලුත් කිඹුලා උදැල්ලක් ගේ ඉස්සරහා ගෙනත් තිබ්බම අනේ කෙළපි උදැල්ල නිසා.කළා නේද මේක.අපි දේශපාලනය කරන්න ඔ්න, ඡන්දේ කාලේ කරන්න ඔ්න තමන් කැමති පක්ෂයට බලය දෙන එක.
ඒ බලය දීලා වැඩ කරන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තු යවන එක.ඊට පස්සේ කරන්න ඔ්න අපිට බැණ බැණ ඉන්න ඒක නෙමෙයි අපෙන් වැඩ ගන්න යැයිද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.