Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

විදුලි බිලෙන් කොටසක් දැරීමට රජය තීරණය කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදුලි බිල්පතේ සඳහන් වන ගාස්තු ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ අතර, විදුලි බිල සම්බන්ධව පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල උපදෙස් පරිදි පත් කරන ලද පංච පුද්ගල කමිටු වාර්තාව අද (08) අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබේ.

අද (08) ඛනිජතෙල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය‍.

එම වාර්තාවෙන් නිර්දේශිත කරුණුවලින් එහා ගොස් උපරිම සහනයක් මහජනතාවට ලබා දීමට රජය තීරණය කරන ලද බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Scroll to Top