ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහෝත්සවය එළඹෙන ජුලි 21 වනදා ආරම්භ වී අගෝස්තු මස 4 වන දින අවසන් වීමට නියමිතයි.
මේ සඳහා ජනතාවට සහභාගී වීම හෝ නැරඹීමට අවස්ථාව හිමි නොවන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අදාළ කාලසීමාව තුළ කතරගම පූජා නගරය වෙත ජනතාවට පැමිණීමට අවසර ලබානොදීමට ද තීරණය කර ඇති බවයි මොනරාගල දිස්ත්රික් ලේකම් කාර්යාලය පවසන්නේ.