සෞදි අරාබියේ සේවය කරමින් සිටිය දී ගෙල සිඳ මරා දැමූ මළ සිරුරු තුනක් ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් ඇති බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයකු පැවසුවා. මොවුන් කැළණිය, බියගම පාරේ පංසල අසළ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
මෙසේ ඝාතනයට ලක්ව ඇති පිරිමි පුද්ගලයා (පියා) ගේ වයස අවුරුදු 59ක් වන අතර කාන්තාවගේ (මව) වයස අවුරුදු 55ක් වනවා. ඝාතනයට ලක්ව ඇති අනෙක් තැනැත්තිය එම යුවලගේ 34 හැවිරිදි වියේ පසුවන දියණිය බවයි වාර්තා වන්නේ.
මෙම තිදෙනා දරුණු අයුරින් කපා කොටා, පසුව ගෙළ සිද මරා දමා ඇති බව මෙම මළ සිරුරු සමග තිබූ ලිපි ලේඛන වලින් අනාවරණය වන බව පැවසේ .
එම ගුවන් යානයෙන් මෙම මළ සිරුරු තුනත් සමග තවත් මළ සිරුරු 04 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර ඒ අනුව එම ගුවන්
යානයෙන් මළ සිරුරු 07 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණා.
මෙම මළ සිරුරු 04 වෙනත් ස්වභාවික හේතු මත මිය ගොස් සිටි අයගේ මළ සිරුරු බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
මේ අතර තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර තිබු එම මළ සිරුරු 03 පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සදහා මීගමුව මහ රෝහල වෙත යොමු කර තිබෙනවා.