Aboutceylon Online

ක්‍රිකට් ක්‍රිඩකයන්ගෙන් ප්‍රකාශ ලබා ගැනිම හෙලා දකිිමු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර සංගක්කාර මහතා සහ ක්‍රිකට් ක්‍රිඩකයින් මෙරටට ක්‍රිකට් ක්‍රිඩාවෙන් කිර්තියක් ගෙනවිත් දුන් බවත්, එවැනි ක්‍රිඩකයන්ගෙන් විමර්ෂණයක් සදහා ප්‍රකාශ ලබා ගැනිම තමන් අනුමත නොකරන බව හිටපු ක්‍රිඩා අමාත්‍යය නවින් දිසානායක මහතා පැවසිය.

නුවරඑලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගි විමෙන් අනතුරුව හිටපු ක්‍රිඩා අමාත්‍යය සහ එක්සත් ජාතික පක්ෂ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ.



කුමාර සංගක්කාර මහතාව ප්‍රකාශ ලබා ගැනිම සම්බන්ධයෙන් මගේ විරෝධය ප්‍රකාශ කරනවා. රටට කිර්තියක් ගෙනාපු ක්‍රිඩකයන් සියල්ල ගෙනල්ලා ප්‍රශ්න කරනවා.

හැබැයි චෝදනාව කරපු කෙනාව ගෙන්නේ නැ. එයාගේ ගෙදරට යනවා ප්‍රකාශයක් ලබා ගන්න.

මේක පරස්පර විරෝධි ක්‍රියාමාර්ගයක් හැටියට මම දකිනවා. ක්‍රිකට් ක්‍රිඩාවට එල්ල කරන විශාල ප්‍රහාරයක් මේක.

ආණ්ඩුවේ කට්ටි දෙකක් ඉන්නවා, එක කට්ටියක් වැඩ කරන අය ,

නාමල් රාජපක්ෂ මහතාත් කියනවා මේක හොද නැ කියලා , එහෙනම් අගමැතිතුමාට කතා කරලා මෙවැනි දේවල් නතර කරන්න ඕනි.

ක්‍රිකට් ක්‍රිඩාව වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න සෘජු තිරණ ගන්න ඕනි.



ක්‍රිකට් ක්‍රිඩයන්ට මේ අයුරින් හිරිහැර කරනවා නම් ඔවුන් තවත් පහතට වැටෙනවා.

අවුරුදු නවයකට පස්සේ මේ චෝදනාව කරනවා , ඇයි මැතිවරණ සමයේ මේක ඉදිරිපත් කරන්නේ ?

මේවට නිසියාකාරව පරික්ෂණ කරලා නිතිමය පියවර ගන්න ඕනි.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණ ප්‍රචාරක කටයුතු සාර්ථක ලෙස කරගෙන යනවා. අපිට හොද ප්‍රතිඵලයක් ගන්න පුළුවන්.

අපි කවදාවත් රාජපක්ෂ කදවුරට එක් වෙන්නේ නැ.

ශක්තිමත් විපක්ෂයක් හදලා ඉදිරියේදි තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න කටයුතු කරනවා.



ආණ්ඩුව බහුතරයක් ගන්න උත්සහ කරනවා, අපි ආණ්ඩුවේ ක්‍රියාදාමයට සම්පුර්ණයෙන්ම විරුද්ධයි.

ජනතාව අතර විවිධ මත යවන්න උත්සහ කරනවා.

සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරලා තිබ්බා ආණ්ඩුවක් හදන්න එයාලා කැමති කියලා.

ආණ්ඩු හදන්න කවුද අකමැති හැමොම කැමති.

එක්සත් ජාතික පාක්ෂිකයන් පක්ෂයට ජන්දය දිලා පක්ෂය ආරක්ෂා කර ගන්නවා, අපි කිසිවිටකත් රාජපක්ලා සමග එකතු වෙන්නේ නැ. යනුවෙන් පැවසිය.

Scroll to Top