Aboutceylon Online

ඉන්දීය ජාතිකයන් රැගත් සිව්වන විශේෂ ගුවන් යානය ඉන්දීයාවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිරව සිටි ඉන්දියානු ජාතිකයන් 117 කු රැගත් එයා ඉන්ඩියා සමාගමේ විශේෂ ගුවන් යානයක් (AI 0274)  කොළඹ සිට චෙන්නායි බලා පිටත් විය.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලොව පුරා විවිධ රටවල සිරව සිටින ඉන්දියානුවන් නැවතත් සිය රටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාව විසින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති විශාලතම වැඩසටහන වන ‘වන්දේ භාරත්’ මෙහෙයුමේ සිව්වන අදියර යටතේ මෙම ගුවන් යානය සූදානම් කර තිබිණ.

වන්දේ භාරත් මෙහෙයුම යටතේ ඉන්දීය ජාතිකයන් මව්රටට රැගෙන යාම සදහා වන මීළග විශේෂ ගුවන් යානා පහත පරිදි සැලසුම් කර ඇත.

AI 0282 – කොළඹ සිට දිල්ලි  2020 ජූලි 08



AI 0282 – කොළඹ සිට දිල්ලි  2020 ජූලි 18 ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වීම් මත පදනම්ව මෙම ගුවන් යානා සඳහා මගී ලේඛන සකස් කෙරෙනු ඇත. මේ සඳහා සේවයෙන් ඉවත් කරන ලද සංක්‍රමණික ශ්‍රමිකයන්/කම්කරුවන්, කෙටි කාලීන වීසා බලපත්‍ර කල් ඉකුත් වූ අයවලුන්, හදිසි වෛද්‍ය අවශ්‍යතා ඇති අයවලුන්, ගර්භණී මව්වරුන්/ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, පවුලේ සාමාජිකයකුගේ අවමංගල්‍යයක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය කරන අයවලුන් සහ ඉන්දීය රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද විදෙස් රටවල සිරව සිටින ඉන්දියානු ජාතිකයන්සිය රටට ගෙන්වා ගැනීමේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියේ දැක්වෙන පරිදි ශිෂ්‍යයන් ඇතුළු  අත්‍යාවශ්‍ය අයවලුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.



කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පැනවී තිබෙන ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා නිසා ශ්‍රී ලංකාවේ සිරව සිටි ඉන්දියානු ජාතිකයෝ නැවතත් මව්රට බලා යාමට ලද අවස්ථාව පිළිබඳ සිය සතුට ප්‍රකාශ කළහ. මේ වන විට ශ්‍රී  ලංකාවේ සිරව සිටි ඉන්දීය ජාතිකයන් 1600 කට අධික පිරිසක් මෙම ගුවන් යානය, 2020 මැයි මස 29, ජූනි 15 සහ ජූනි 22 වන දින පිටත් වූ විශේෂ එයා ඉන්ඩියා ගුවන් යානා, ජූනි 1 වන දින කොළඹ සිට ටුටිකොරින් වෙත පිටත් වූ ඉන්දීය නාවික හමුදාවේ ජලශ්වා නෞකාව, සහ විවිධ විශේෂිත ගුවන් යානා මගින් එරටට රැගෙන ගොස් ඇත.

මේ වන තෙක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී නොමැති ඉන්දීය ජාතිකයන්ට පහත ලින්ක් එක මගින් ලියාපදිංචි විය හැකිය. https://hcicolombo.gov.in/COVID_helpline. ශ්‍රී ලංකාවේ සිරව සිටින ඉන්දීය ජාතිකයන්ට ඉවසීම් සහගතව සිටිනා ලෙස සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍යයන්හි යාවත්කාලීන කිරිම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස උපදෙස් දෙනු ලැබේ.

Scroll to Top