Aboutceylon Online

අපේක්ෂකයන්ගේ නම් සහ මනාප අංක සහිත මුව ආවරණ පළඳින අයට වැඩ වරදී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මැතිවරණ අපේක්ෂකයන්ගේ නම සහ මනාප අංකය සහිත මුව ආවරණ පැළඳ ප්‍රචාරණ කටයුතුවල නිරතවීම මැතිවරණ නීතියට පටහැනි බව පොලිසිය පවසනවා.



එවැනි සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී ඇති අතර, අනතුරුව කොමිසම විසින් ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව මෙලෙස මැතිවරණ සලකුණ, අංකය, අපේක්ෂක නම සහිත මුව ආවරණ පැළඳ ප්‍රචාරණය කිරීම මැතිවරණ පනත යටතේ වරදක් බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.

Scroll to Top