මධ්‍යම පලාත් සභාවේ ප්‍රතිපාදන යටතේ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශයට මිරිදිය ඉස්සන් පසු කිටයින් ලක්ෂ දෙකක් අද(02) දින මුදා හරිනු ලැබුවා.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශයේ ධිවරයන්ගේ අදායම් තත්ත්වය ඉහල දැමිමටත් , වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිමටත් , වතුකරයේ ජනතාවට අඩු මිලකට ඉස්සන් ලබාදිමේ අරමුණිනුයි මෙසේ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශයන් වලට මිරිදිය ඉස්සන් පසු කිටයින් මුදා හරිනු ලැබුවේ.
ජතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යයාලය යටතේ පාලනය වන කහදමෝදර මිරිදිය ඉස්සන් අභිජනන කරන ලද ඉස්සන් පැටවුනුයි මෙසේ ජලාශයන්වලට මුදා හරිනු ලැබුවේ.
ජලාශයට මුදා හැරි ඉස්සන් පැටවුන් වසරක් වැනි කාලයක් තුල ග්රැම් 500 සිට ග්රැම් 750 දක්වා වැඩෙන බවයි ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකරියේ නුවරඑලිය කාර්යයාලයේ ව්‍යපෘති භාර නිලධාරින් බුද්ධික කුෂාන් මහතා කියා සිටියේ.
මිරිදිය ඉස්සන් මිල දි ගැනිමට එම ජලාශ අවට පිහිටි සංචාරක නිකේතන වලින් සහ ප්රදේශවාසින්ගේ විශාල ඉල්ලුමක් පවතින බවද ජාතික ජල ජිවි වගා සංවර්ධන අධිකාරි කාර්යයාලයේ ව්‍යපෘති භාර නිලධාරින් බුද්ධික කුෂාන් මහතා පැවසිය.