උඩරට දුම්රිය මාර්ගයේ හැටන් , අඹේවෙල සහ පට්ටපොල අතර දුම්රිය පිලි පැනිමෙන් හැටන් දුම්රිය ස්ථානය අසලදි (01) දින පස්වරුවේ පිලි පැනිමට ලක් වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ (1059) මගි ප්‍රවාහන මැදිරිය (01) දින රාත්‍රි 11 පමණ වන විට පිලි ගත කල බව දුම්රිය පාලක මැදිරිය පැවසිය.
අඹේවෙල සහ පට්ටපොල දුම්රිය ස්ථාන දෙක අතර (01) උදැසන පිලි පැනිමට ලක් වු 1126 දුම්රියේ ඉන්ධන ප්‍රවාහන ටැංකියේ පිලි ගත කිරිමේ කටයුතු තවදුරටත් සිදු කරන නිසා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කරවන සියළුම දුම්රියන් උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වය පත් වන තෙක් නානුඔය දක්වා පමණක් ධාවනය කිරිමට කටයුතු කර ඇති බවත් , බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය (02) දින නානුඔය දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කල බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ මධ්‍යම පලාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න මහතා පැවසිය.
අඹේවෙල සහ පට්ටපොල දුම්රිය ස්ථාන අතර පිලි පැනිමට ලක් වු ඉන්ධන ප්‍රවාහන ටැංකියට සහ දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවද ආනන්ද කරුණාරත්න මහතා පැවසිය.
උඩරට දුම්රිය මාර්ගයේ භාණ්ඩ දුම්රියන් දෙකක් එකවරම පිලි පැනිම සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බව ආනන්ද කරුණාරත්න පැවසිය.