ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර හෙට පෙරවරු 9.00 ට ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට කැඳවා තිබෙනවා.
ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
උපුල් තරංග ඊයේ උදෑසන 10.15ට “කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය” වෙත පැමිණ පැය 2 1/2 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දුනි.
හිටපු ක්‍රිකට් නායක සහ හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා පෙරේදා (30) පස්වරුවේ එම ඒකකයට ගොස් පැය 5කට අධික කාලයක ප්‍රකාශයක් ලබාදී තිබුණි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තරග පාවාදීමේ චෝදනාව ඉදිරිපත් කරමින් පවසා තිබුණේ 2011 ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයන් ආදේශ කිරීමට ක්‍රීඩා ආමාත්‍යවරයා ලෙස ඔහුගේ අනුමැතිය ලබානොගත් බවයි.
කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් 2011 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා පැවසුවේ සියලු ආදේශ කිරීම්වලට අව්‍යශ අනුමැතියන් ලබාගත් බවයි.