දඹුල්ල පැල්වැහැර කොවිඩ් 19 නිරෝධානය මධ්‍යස්ථානයෙන් මැලේරියා රෝගියෙකු හමුවී ඇත.
ඔහු මැඩගස්කරයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය සදහන් කරයි.
මැඩගස්කරයේ සිට පැමිණ එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන පුද්ගලයන් එකසිය පස්දෙනෙකුගේ රුධිර සාම්පල් ලබාගෙන පරීක්ෂා කරන බවත් නිරෝධායන මධ්‍යස්ථානය අවට කිලෝ මීටරයක් ප්‍රදේශය තුළ මැලේරියා කීට විද්‍යාත්මක සමීක්ෂණ සිදු කරන බවත් වැඩිදුරටත් සදහන් කරයි.
මැලේරියාව පවතින රටවල සංචාර,රැකියා, අධ්‍යාපන හෝ වෙනත් පෞද්ගලික අවශ්‍යතාවලට ගොස් තිබේද යන්න තහවුරු කර ගැනීමට පියවර ගන්නැයි ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
ලංකාවේ ලොකුම මැලේරියා වසංගතය ඇති වන්නේ 1934-35 අවුරුදුවල දී යි. මේ අවුරුදු දෙකේ දී වාර්තා වුණු මැලේරියා රෝගීන් මිලියන 1.5ක ප්‍රමාණයක් අතරින් 80,000කට වඩා පිරිසකගේ ජීවිත අහිමි වෙනවා.
රටේ ජනතාවගෙන් හතරෙන් එකකටම මැලේරියාව වැළඳුණු බව සඳහන්.
1968-1970, 1974-1976, 1986-1988 වගේම 1991-1993 වගේ කාලවල ලංකාව තුළ මැලේරියා රෝගය වසංගත මට්ටමටම පත් වුණු බව වාර්තා වී තිබෙනවා.
2002 අවුරුද්දේ මැලේරියාව නිසා 30 දෙනෙකු මියගියත් ඉන්පස්සේ හැම අවුරුද්දකම මැලේරියාව නිසා සිදුවුණු මරණ ගණන 10කට වඩා අඩු යි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව වාර්ෂිකව ලොව පුරා මිලියන 200කට වැඩි පුද්ගලයන් පිරිසකට මැලේරියාව වැළඳෙන බව සඳහන් වෙනවා. මියයන අයගෙන් බහුතරය වයස අවුරුදු පහට අඩු දරුවන්.
“2012 න් පසුව දේශීය රෝගියෙක් වාර්තා නොවීමෙන් මැලේරියා පරපෝෂිතයා ලංකාවෙන් මුළුමනින්ම තුරන්වී ඇති බව තහවුරු වෙනවා. නමුත් මැලේරියා රෝගය බෝකරන මදුරුවා තවමත් ලංකාවෙ ඉන්නවා. ඒ නිසා පිටරටින් නැවත මේ පරපෝෂිතයා ලංකාවට පැමිණිය හොත්, නැවත වසංගත තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා. එය අවම කිරීමේ අරමුණින් පිටරටින් පැමිණි රෝගීන් හැකි ඉක්මණින් සොයාගෙන ප්‍රතිකාර කර පරපෝෂිතයා විනාශ කිරීම අපි කරනවා.” අධ්යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ මැලේරියා මර්දන ව්‍යාපාරයේ ‘ප්‍රධාන ක්‍රමවේදය’ ලෙස උණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී විදේශගත වූයේදැයි විමසා එසේ නම් මැලේරියා රෝගය සඳහා පරීක්ෂා කිරීමට පියවර ගැනිමය. එසේම, විදේශගතව සිට පැමිණි උණ රෝගීන් හැකි ඉක්මණින් වෛද්‍යවරයා වෙත ගොස් තමන්ගේ විදෙස් ගමන් පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කර ප්‍රතිකාර ලබා ගැනීමට ද උපදෙස් දී තිබේ.