Aboutceylon Online

ආරක්‍ෂිත දෝෂ කිහිපයක් හේතුවෙන් VMware මෘදුකාංගය යාවත්කාලීන කිරීමට කටයුතු කරන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

VMware මෘදුකාංගයෙහි පවතින ආරක්‍ෂිත දෝෂ කිහිපයක් හදුනාගැනීම හේතුවෙන් VMware ESXi, Workstation, Fusion, and Cloud Foundation යන VMware මෘදුකාංග මාලාවට එම සමාගම විසින් ආරක්‍ෂිත යාවත්කාලීන සහ ආරක්‍ෂිත උපදේශන නිකුත් කර ඇත.



මෙම ආරක්‍ෂිත දෝෂය පවතින VMware මෘදුකාංග හරහා සයිබර් ප්‍රහාරකයෙකුට VMware මෘදුකාංගය තුල පවතින පද්ධතියක් තමන් සතු කරගැනීමටත් එම පද්ධතිය සතු සංවේදී තොරතුරු පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව උදාකර දේ.

VMware මෘදුකාංගය භාවිතා කරන පිරිස් කඩිනමින් එම මෘදුකාංගයට අදාල ආරක්‍ෂිත යාවත්කාලීන ලබාගැනීමට කටයුතු කරන ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Scroll to Top