Aboutceylon Online

කතිරය ගැහුවත් නොගැහුවත් ප්‍රථිලාභ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ අවුරුදු 05 තුළ මේ රට නැගිට්ටුවොත් ඒකේ වටිනාකම තියෙන්නේ පොහොට්ටුවට කතිරය ගහන අයට පමණක් නෙමෙයි, මේ මැතිවරණයේදීත් අපිට විරුද්ධව කතිරය ගහන කෙනාටත් රට ශක්තිමත් වීම තුළ එහි ප්‍රථිලාභය ලැබෙනවා.

රටක් දිනන කොට ඒ දිනන කණ්ඩායමේ කොටස්කාරයෙක් පංගුකාරයෙක් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා යැයි හිටපු අමාත්‍යය , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති තරුණ හමුවකින් අනතුරුව මාධ්‍ය සාකච්ජාවක් කැඳවමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,



මේ රටේ සමස්ථ තාරුණ්‍යයෙන් අති බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ව ජනාධිපති කරන්න ජනාධිපති මැතිවරණයේදී විශාල සහයෝගයක් දැක්වූවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දිහා තාරුණ්‍යය බැලුවේ, තාරුණ්‍යයේ අනාගතය ශක්තිමත් කරන්න පුලුවන් නායකයෙක් විදිහටයි.

ඒ නිසා තමයි තරුණයෝ තමන්ගේ දෙමාපියන්ගේ පක්ෂය පැත්තකින් තියලා, තමන් එදා ඉඳන් ආපු දේශපාලන ගමන වෙනස් කරලා සමස්ථ තාරුණ්‍යය කල්පනා කරනවා අපිට අපේ කාළය සුභවාදී කර ගන්න.අපේ දරුවන්ගේ අනාගතය සුභවාදී කර ගන්න, ගෝඨාභය ජනාධිපතිතුමන්ව ජනාධිපති කර ගන්න ඕන කියලා, ඒක යථාර්තයක් බවට පත් වුණා.

මේ රටේ තාරුණ්‍යය ඉතාමත් හොඳින් පෙන්නුවා තාරුණ්‍යයේ ශක්තිය.තරුණයෝ සියලු දෙනාම එකතු වෙලා, තාරුණ්‍යයට ආව පුංචි අදහසක් මේ රටේ මහා වෙනසක් ඇති කරනවා තරුණයෝ චිත්‍ර ඇඳලා, තරුණයෝ තමන්ගේ ශක්තිය රටට, තමන්ගේ දෙමාපියන්ට, වැඩිහිටියන්ට පෙන්නුවා පුංචි අදහසක් තුළින් රටක් වෙනස් කරන්න , මතවාදයක් හදන්න පුළුවන්, අලුත් ගමනක් යන්න පුළුවන් කියලා මේ රටේ තාරුණ්‍යය පෙන්නලා තියෙනවා.



ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තු මැතිවරණයේදීත් මේ රටේ සමස්ථ තාරුණ්‍යය අද තීන්දුවක් අරගෙන තියෙනවා තමන්ගේ අනාගතය සුභවාදී කර ගන්න, දරුවන්ගේ අනාගතය සුභවාදී කරන්න අපිට සාම්ප්‍රදායෙන් පිටපැන්න වෙනසක් මේ රටේ අවශ්‍යයි කියලා.ඒ නිසා තමයි රටේ සමස්ථ තාරුණ්‍යය අද වෙන කොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට 2/3 ක පාර්ලිමේන්තුවක් හදලා දෙන්න අවශ්‍යය කරන ගමේ සහය,තමන්ගේ ඡන්දය, මිතුරන්ගේ ඡන්දය, තමන්ගේ දෙමාපියන්ගේ ඡන්දය මේ සියල්ලම සූදානම් කරලා තියෙන්නේ.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අපි ස්තූතිවන්ත විය යුතු කාරණයක් තිබෙනවා, අපි දන්නවා අපේ රටේ කිසිම ආණ්ඩුවක් සාමාන්‍යය පෙළ අසමත් තරුණයා ගැන කල්පනා කලේ නෑ, අපිත් ආථ්ඩු කරලා තියෙනවා අවුරුදු ගණනක්.



හැබැයි අපේ ආණ්ඩු වලින් පවා එවැනි දෙයක් සිද්ධ වුණේ නෑ,නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ර‍ජයේ රැකියාවක් ගන්න බැරිවෙලා හිටිය අධ්‍යාපන මට්ටම යම් ප්‍රමාණයකින් අඩු සමස්ථ තාරුණ්‍යයට අද රජයේ රැකියාවක් ලබා ගන්න පුළුවන් සුදුස්සෙක් කියන එක, ඒ සඳහා යම් පුහුණුවක් ලබා ගන්න ඕන කියන මතය අද ගෙනත් තියෙනවා.මේක මේ රටේ සමස්ථ තාරුණ්‍යයේ අනාගතයට සුභවාදී සලකුණක්.

මොකද අපි හැමෝම ආණ්ඩුවේ රැකියා බලාපොරොත්තු වුණා,අපි සාමාන්‍යය පෙළ සමත් වුණා, උසස් පෙළ සමත් වුණා, උපාධි ගත්තා, මේ අධ්‍යාපන සුදුසුකම් 03 ට රැකියා බලාපොරොත්තු වුණ සමාජයක් තමයි එදා ඉඳන් හැදුවේ.හැබැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැන් තාරුණ්‍යයට පණිවිඩයක් දීලා තියෙනවා අපි රැකියාවකට සුදුස්සෙක් විය යුතුයි කියන කාරණාව.ඒ සංකල්පය මත අද සමස්ථ තාරුණ්‍යය කල්පනා කරනවා අධ්‍යාපන සුදුසුකම පමණක් න‍ොවෙයි එතනින් එහාට ගිය සුදුසුකමක් සහිතව රැකියාවක් සඳහා සුදුස්සෙක් වෙන්න ඕන කියන කාරණාව.

මේ රටේ සමස්ථ තාරුණ්‍යය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගැන තබපු විශ්වාසයට අද තාරුණයයට අනාගතයක්, බලාපොරොත්තුවක් ඇති කරලා තියෙනවා.



ඒ වගේම විශේෂයෙන්ම අපි රටේ සමස්ථ තාරුණ්‍යයෙන් ඉල්ලීමක් කරනවා තාමත් මේ ගමනත් එක්ක අත්වැල් බැඳගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාගෙන්ම අපි ඉල්ලීමක් කරනවා පක්ෂ-පාට, ජාති-ආගම්,කුළ-මල භේදයකින් තොරව හැමෝම එකතු වෙන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ මේ යන ගමන ශක්තිමත් කරන්න.විශේෂයෙන්ම කොරෝනා වලින් පස්සේ මේ රටේ ආර්ථිකයට ඉදිරියේදී විශාල බාධාවන් එන්න තියෙනවා.

ඒ බාධාවන් මැද තමයි අද අපි ගමන් කරන්නේ.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති වෙනකොට අපි දැනගෙන හිටියේ නෑ කොරෝනා වසංගතය එයි කියලා.හැබැයි කොරෝනා ආවට පස්සේ රටේ අමතර වියදම් විශාල ප්‍රමාණයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා.එහෙම නම් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, මේ රටේ සමස්ථ තාරුණ්‍යය අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියලා ඉල්ලීමක් කරනවා.



මේ අවුරුදු 05 තුළ මේ රට නැගිට්ටුවොත් ඒකේ වටිනාකම තියෙන්නේ පොහොට්ටුවට කතිරය ගහන අයට පමණක් නෙමෙයි, මේ මැතිවරණයේදීත් අපිට විරුද්ධව කතිරය ගහන කෙනාටත් රට ශක්තිමත් වීම තුළ එහි ප්‍රථිලාභය ලැබෙනවා.ඒ නිසා අපි ආරාධනා කරනවා සමස්ථ තාරුණ්‍යයට පක්ෂ බලන්න එපා, පාට බලන්න එපා, ජාති-ආගම්-කුළ-මල භේද බලන්නේ නැතිව මේ සුභ කටයුත්තත් එක්ක අත්වැල් බැඳගෙන, රටක් දිනන කොට ඒ දිනන කණ්ඩායමේ කොටස්කාරයෙක් පංගුකාරයෙක් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ සඳහා අනුරාධපුර තාරුණ්‍යය අත්වැල් බැඳගෙන සිටිනවා යැයි පැවසීය.

එහිදී අදහස් දැක්වූ තරුණ තරුණියන් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි ගමන වෙනුවෙන් රජරට තරුණ තරුණියන් දුමින්ද දිසානායක මහතා සමඟින් අත්වැල් බැඳගන්නා බවයි.

Scroll to Top