Aboutceylon Online

ගෙදරකින් බඩුවක් හොරකම් කරනවා වගේ ප්‍රචාරණ කටයුතු කරන දුමින්ද

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගෙදරකින් බඩුවක් හොරකම් කරනවා වගේ තමයි අපිට ප්‍රචාරණ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ යැයි හිටපු අමාත්‍යය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද දිසානායක මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අනෙකුත් පක්ෂ අපිට අභියෝගයක් නෙමෙයි, ඒ පක්ෂ සියල්ලක්ම අපිට ආශිර්වාදයක් බවට පත් වෙලා තියෙනවා.ඒ අයගේ හැසිරීමත්, කල් ක්‍රියාවත් මේ සියල්ලත් එක්කම රටේ ජනතාව තීන්දු කරලා තියෙනවා අපි විපක්ෂයකින් බලාපොරොත්තු වෙන හැමදාම විරුද්ධ වෙවී ඉන්නවාද, හැමදාම හොඳ වැඩකට බාධා කරනවාද ?



එහෙම නැත්නම් ගෝඨාභය ජනාධිපතිතුමන් හරි වැඩක් වෙනසක් මේ රටේ කරන කොට ඒකට දායක වෙනවාද කියන තීන්දුව පක්ෂ ගැන හිතන්නේ නැතිව මේ රටේ ජනතාව තීන්දු කරලා තියෙනවා.ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් මේ වන විටත් මේ සත්කාරයට අපිත් එක්ක දායක වෙලා තියෙන්‍නේ.

ඒ වගේම පවතින මැතිවරණ නීතියට අපි හැමෝටම යටත් වෙලා කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා.මැතිවරණ නීතී අනුව හරිම අමාරුවෙන් තමයි මැතිවරණය කරන්න වෙලා තියෙන්නේ.

හරියට නිකං ගෙදරකින් බඩුවක් හොරකම් කරනවා වගේ තමයි අපිට ප්‍රචාරණ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ.නමුත් රටක නීතියක් තිබිය යුතුයි.



අපි අතීතයේ ඉඳන් ඒ නීතී කඩකලා වෙන්න පුළුවන්.මේ වෙලාවේ අපිට එක පාරටම ඒක මාරු වෙන කොට අමාරු වෙන්නත් පුළුවන්.

හැබැයි අමාරුවෙන් හරි ඒ වෙනසත් එක්ක ගියොත් රට අලුත් වෙනවා, රට වෙනස් වෙනවා ,රට නිවැරදි වෙනවා.ඒ නිසා ඒ සියලු නීති එක්ක මේ මැතිවරණය කරන්න සියලු අපේක්ෂකයෝ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා යැයි පැවසීය.

Scroll to Top