කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග මාස තුනකට අධික කාලයක් වසා දමා තිබු වතුකරයේ පාසල් වල ගුරුවරුන් සුදානම් අදිර යටතේ පාසල් අධ්‍යාන කටයුතු යලි ආරම්භ කිරිම සදහා ගුරුවරුන් අද (29) දින පාසල් වලට සේවා කටයුතු සදහා වාර්තා කරන අයුරු අප කැමරාවේ සටහන් විය.
සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ගුරුවරුන් (29) දින සේවා කටයුතු සදහා වාර්තා කල අතර පාසල් වසා දමා තිබු කාලය තුල වතුකරයේ පාසල් වල විදුහල්පතිවරුන්ගේ අධික්ෂණය යටතේ පොදු පහසුකම් ගණනාවක් වැඩි දියුණු කර ඇති අතර දෙමව්පියන්ගේ ද සහයෝගය සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ වසා දමා තිබු පාසල් විෂබිජහරණයට ලක් කර ඇත.
(29) දින සේවා කටයුතු සදහා පැමිණි ගුරුවරුන් සමග සාකච්ඡා කර අධ්‍යන කටයුතු ආරම්භ කිරිම සදහා කාලසටහන් සකස් කරන බවයි වතුකරයේ පාසල් වල විදුහල්පතිවරුන් කියා සිටියේ.
(29) දින පාසලට පැමිණි ගුරුවරුන්ව සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමය කරමින් පාසලට පැමිණෙන ලෙසට පොලිසිය විසින් ගුරුවරුන්වද දැනුවත් කරනු ලැබිණ.