කොරෝනා තුරන් කරමින් ඇති කළ යහපත් තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් බරපතල ගැටළුෑවකට මුහුණ පා සිටිනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජනතාව කටයුතු නොකරන තත්ත්වයක් පැන නැගී තිබීම මෙම අනාරක්ෂිත තත්ත්වයට හේතුවයි.
මුව ආවරණ නොපළඳින පුද්ගලයින් දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයකට යොමු කිරීමටයි තීරණය කර තිබෙන්නේ. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ එම නීතිය අද(28) සිට ක්‍රියාත්මක බවයි.
කොරෝනා වෛරසයේ දෙවන රැල්ලක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය බරපතල අනතුරු ඇගවීමක් කළා. ලොව රටවල් රැසක නැවතත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් තිබෙන බවත්, එය බරපතල වුවහොත් මිලියන ගණනක් ජනතාව මරණයට පත්විය හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.