කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.
රටවල් රැසක සීග්‍රයෙන් කොරෝනා වසංගතය ව්‍යාප්තව යන බැවින් ගුවන් තොටුපළ විවෘත කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇත.
සාමාන්‍ය ගුවන් ගමන් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අගෝස්තු මස 01 වැනිදා සිට විවෘත කිරීමට සැලසුම් කර තිබිණ.
කෙසේ වෙතත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබාදෙන බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.
පවතින ක්‍රියාවලිය තුළ ලංකාව තුළට ගුවන් යානයක් ගෙන්වා ගන්නේ සෑම පැය 04කට හෝ 06කට සැරයක් බවත් එලෙස පැමිණියත් දිනකට ගුවන් මගීන් සමග ගෙන්වා ගත හැක්කේ ගුවන් යානා 04ක් වැනි ප්‍රමාණයක් බවත් වැඩිදුරටත් සදහන් කරයි.