Aboutceylon Online

නිරෝධායන රීතින් පිළි නොපදින අයට වැඩ වරදී

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

Covid-19 වසංගත අවදානම තවමත් ලෝකයෙන් දුරුවී නොමැති බවත්, සමහර රටවල දෙවන රැල්ලක් මෙන්ම තෙවන රැල්ලක්ද ඇතිවී ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒසේම රටක් ලෙස සාර්ථකව රට තුළ Covid-19 වසංගතය මැඩලීමට හැකියාව ලැබුණු බව සිහිපත් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ අවදානම තවම පහවගොස් නැති බැවින් මෙම තත්ත්වය වළක්වාගැනීම සදහා සෑම කෙනෙකුම තවදුරටත් සහය විය යුතු බවයි.



සබන් යොදා අත් සෝදා ගැනීම මෙන්ම සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම ආදී සියලු කාරණා සිදුකල යුතු වනවා.

විශේෂයෙන්ම ඒහිදී මුහුණු ආවරණ පැළදීම පිළිබදවද විශේෂ අවදානයක් දැක්විය යුතු වන අතර යමෙක් මෙම කරුණු වලට පටහැනිව කටයුතු කළහොත් ඒහිදී එය මෙම රටේ නිරෝධායන රීතීන්ට පටහැනිව කටයුතු කිරීමක් ලෙස සලකා නිරෝධායන රීතීන් යටතේ මෙන්ම ලංකාවේ අපරාධ නීතිය යටතේ ඔහු හට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට සිදුවන බවද අජිත් රෝහණ මහතා පැවසීය.

Scroll to Top