රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බවත් අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම බවත් රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති අවධාරණය කළේය.
රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත්රයේ නිරතවන්නන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කිරීම, මූල්‍ය පහසුකම් සැලසීම හා වෙළෙඳ ප්‍රවර්ධන හැකියාව ලබාදීම රජයේ වගකීම බව සහ එනිසා බොහෝ දෙනාගේ ඉල්ලීම මත ව්යවසාස සංවර්ධන අධිකාරියේ සහාය රුපලාවන්‍යය ක්ෂේත්රයට ලබාදීමට ජනාධිපති එකඟතාව පළ කර ඇත.
සුළු, මධ්‍ය හා මහා පරිමාණ රූපලාවන්‍ය මධ්‍යස්ථාන අනූදහසක් රට පුරා ඇති අතර, ලක්ෂ හතර හමාරකට අධික පිරිසක් සේවයේ නිරත වෙති.
ඔවුන්ගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 15ක් පමණ වේ. රූපලාවන්‍ය ක්ෂේත්රය වෘත්තියක් ලෙස ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය පුහුණුව ලබාදීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලාවේ (NVQ) 05,06 සහ 07 අදියර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙස ජනාධිපති වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදි.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා සහ රූපලාවන්‍ය හා කේශාලංකරණ ක්ෂේත්රයේ ප්රවීනයෝ පිරිසක් මීට එක්ව සිටියහ.