Aboutceylon Online

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මත්ස්‍යය පැටවුන් ලක්ෂ දෙකක් මුදා හරි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කාසල්රි  සහ මවුස්සාකැලේ ජලාශවලට මිරිගල් මත්ස්‍යය ඇසිත්තන්  ලක්ෂ දෙකක්  මුදා හැරිම සිදු කලහ.

උඩවලව මිරිගල් මත්ස්‍යය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මිරිගල්   වර්ගයේ මත්ස්‍යය ඇසිත්තන් මෙසේ ජලාශයේ ආරක්ෂිත දැල් කුඩු වලට  මුදා හැරුණේ.



එම මත්ස්‍යය පැටුවුන්   එම ජලාශයේ සවි කර තිබෙන ආරක්ෂිත දැල් කුඩුවක් මත මුදා හැර එම මත්ස්‍යය පැටවුන් දින 45 ක කාලයක් ජලාශයට හුරු කර පසුව එම මත්ස්‍ය ඇසිත්තන්  මත්ස්‍යය ඇගිල්ලන් ලෙස  වැඩුණු පසු ආරක්ෂිත දැල් කුඩුවලින් ඉවත් කර ජලාශවලට මුදා හැරිමට නියමිතය .

කාසල්රි ජලාශයට මත්ස්‍යය ඇසිත්තන් ලක්ෂයක් සහ මවුස්සාකැලේ ජලාශයට මත්ස්‍යය ඇසිත්තන් ලක්ෂයක් බැගින් ආරක්ෂිත දැල් කුඩු වලට මුදා හැරිණ.



මෙම මත්ස්‍යය පැටවුන් මාස 8 ක කාලයක් තුල කිලෝ 1 ½   ත්, 2 ක් අතර ප්‍රමාණයකට වැඩෙන බව ජතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් කාර්යාලයේ ව්‍යපෘති නිලධාරි  බුද්ධිය කුෂාන් මහතා කියා සිටිහ.

වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිමටත්,ඔහුන්ට අඩුමිලකට මිරිදි මසුන් ලබා දිමටත් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ධිවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහල දැමිමේ අරමුණින් මෙසේ මත්ස්‍යය ඇසිත්තන් ජලාශ වලට මුදා හැරි බවයි බුද්ධික කුෂාන් මහතා කියා සිටියේ.

Scroll to Top