මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්රදේශවලටට කඩින් කඩ තද වැසි පතිත වෙමින් පවති.
අධික වර්ෂාවත් සමග තද සුලං තත්ත්වයක්ද පවතින අතර , වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත් , හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් ස්ථාන කිහිපයකම වරින් වර ඝන මිදුම් තත්ත්වයක් හටගැනිම හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.
පවතින වර්ෂාවත් , ඝන මිදුම් තත්ත්වයත් හේතුවෙන් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත් , හැටන් කොලඹ ප්‍රධාන මාර්ගයේත් ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
පවතින වර්ෂාවත් සමග ජන ජිවිතයට බාධා පැමිණි ඇත.