සහශ්රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) ගිවිසුමේ අදියර දෙකකට පසුගිය රජය අත්සන් තබා ඇති බව MCC ගිවිසුම පිලිබඳ සාමාලෝචන කමිටුව සදහන් කරයි.
ඒ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් ප්රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තරයක් කිසිදු තැනක දක්නට නොමැති බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියි.
MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළ අතර එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බව නිරීක්ෂණය වී ඇතැයි ඔවුන් පවසා ඇත.
නිත්‍යානුකුලව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බවට ඉඩම් කොමසාරිස්වරයා විසින් පැහැදිලි කර ඇති බවද සදහන්.