Aboutceylon Online

එතනෝල් ආනයනය සීමා කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එතනෝල් ආනයනය සීමා කිරීම තුළ එම ආයතනවල සේවය කරන උක් ගොවීන් 50,000ගේ පමණ රැකියා සුරක්ෂිත වූ බවත් ඉදිරි වසර තුළ එම ආයතන ලාභ ලබන ආයතන බවට පත්කිරීමේ හැකියාව පවතින බවද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.



දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම තම රජයේ ප්‍රතිපත්තිය බව පැවසූ අමාත්‍යවරයා රජය සතු ආයතන වන සෙවණගල සහ පැලවත්ත සීනි කර්මාන්ත ශාලා මගින් නිපදවෙන එතනොල් මෙරට පරිභෝජනයට ප්‍රමාණවත් බැවින් එතනෝල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කළ බවත් මෙතෙක්කල් පාඩු ලබමින් තිබූ එම ආයතන වලින් මේ වන විටත් ලාබ ලබන බවද පැවසීය.

තහනම නොතකා මෙරටට ගෙනා එතනොල් විශාල ප්‍රමාණයක් වරායේ රඳවාගෙන ඇති බවත් ඇතැම් පුද්ගලයන් වෙනත් ඛේත අංක හරහා එතනෝල් මෙරටට ගෙන්වන අතර ඉදිරියේදී එය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

Scroll to Top