ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමට ලබාදෙන මීලඟ ඇමරිකන් ඩොලර් මිලියන 15ක ප්‍රතිපාදන ලෝක බැංකුවෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙන බව ලෝක බැංකු ජ්‍යෙෂ්ට සෞඛ්‍ය විශේෂඥ, විශේෂඥ වෛද්‍ය දීපිකා ආටිගල මහත්මිය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ මාසික ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඇය මේ බව සඳහන් කලාය.
මෙසේ ඇමරිකන් ඩොලර් මිලියන 15ක් ලෝක බැංකුවෙන් මෙවරද නිදහස් කිරීමට ලෝක බැංකුව තීරණය කර ඇත්තේ පසුගිය කාලය පුරා ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කල වැඩසටහන් වල ඉලක්ක සපුරා ඇති නිසා බවද ඇය අවධාරණය කලාය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සමීපව පරීක්ෂා කිරීම සඳහා ලෝක බැංකු ,ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායමක් පසුගියදා ශ්‍රී ලංකාව පුරා සංචාරයක නිරතවිය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ මෙහෙයවීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන 63 ක් සවිබල ගැන්වීම වසර 2020 වන විට අවසන් කර ඇත .
ඒ අනුව වඩාත් මහජන හිතකාමී ව්‍යාපෘති ගණනාවක් දිවයින පුරා ආයතන වල ක්‍රියාත්මක වෙයි. මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය මුල්‍යාධාර ලබාදීම සහ තාක්ෂණික සහාය ලබා දීමට හැකිවීම ගැන ව්‍යාපෘති අධ්යක්ෂවරයා වශයෙන් තමන් අතිශය සතුටට පත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ, වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.