විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් නවකවදය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
නවකවදය නිසා පීඩාවට පත්වූවන්ට සහන සැලසිම සඳහා පත් කර ඇති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි.
අදාළ කොමිෂන් සභාව විසින් ඉදිරි මාස 03 ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය වන්නේ නවක වදය විශ්වවිද්‍යාල පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම වන බැවින් එයට අදාළ නීතිමය ප්‍රතිපාදන විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් වෙත පවරා දීමට බලාපොරොත්තු වන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේය.