Aboutceylon Online

පාකිස්ථානයේ සිර වී සිටි 129ක් දිවයිනට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පාකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද (15) දින අලුයම කරච්චි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

පකිස්ථානයේ ලාහෝර් නුවර සහ පසුව කරච්චි නුවර ගුවන් තොටුපළ දෙකම වෙත ගොස්, ඒවායේ රැඳී සිටි මෙම ගුවන් මගීන් පිරිස රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 1282 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.



මෙම ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව PCR පරීක්ෂණ සදහා ඔවුන් යොමු කළ අතර එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අසළ ඇති හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා තිබෙනවා.

Scroll to Top