Aboutceylon Online

ජනතාවගේ දුක නිවීමට දුක්ගන්නාරාළවරයෙක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ජනාධිපති කාර්යාලයට මහජන පැමිණිලි සහ දුක් ගැනවිලි විමර්ශනය කොට කඩිනමින් සහන සැලසීම පිණිස ඔම්බුඩ්ස්මන් වරයෙක් පත් කර තිබේ.

මෙලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ ඔම්බුඩ්ස්මන් ධූරයට පත්වී සිටී.

පරිපාලන බලතල ක්‍රියාත්මක කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් සිය වගකීම් පැහැර හැරීමක් හෝ සීමාව ඉක්මවා ක්‍රියා කිරීමක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම ද දුක්ගන්නාරාළවරයා වෙත පැවරී ඇති වගකීමයි.



එමෙන්ම, රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් හමුවේ ජනතාවට සිදුව ඇති හෝ සිදුවන අපහසුතාවන් පිළිබඳ සොයා බැලීමේ වගකීම ද ඔහුට පවරා තිබෙනවා.

ජන ජිවිතයේ සාමකාමී පැවැත්මට හානිකර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, පරිසර හානි සහ නීති විරෝධි ක්‍රියා පිළිබඳ මහජන පැමිණිලි ද තමා වෙත වෙත යොමු කළ හැකි බව ඔම්බුඩ්ස්මන් එස්.එම්. වික්‍රමසිංහ පවසයි.



කොළඹ 01, ජනාධිපති මාවතේ පැරණි චාර්ටඩ් බැංකු ගොඩනැගිල්ලේ 03 වැනි මහලේ කාර්යාලය ස්ථාපනය කර තිබේ.

මහජනතාවට තම පැමිණිලි හෝ දුක්ගැනවිලි කාර්යාලයට පැමිණ පෞද්ගලිකව ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා ඇත.

නැතහොත් “ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන්, ජනාධිපති කාර්යාලය, කොළඹ 01” ලිපිනයට තැපල්මගින් පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට පිළිවන.

011-2338073 ෆැක්ස් අංකය හෝ [email protected]විද්‍යුත් ලිපිනය ඔස්සේ පැමිණිලි යොමු කළ හැකිය.

 

Scroll to Top