ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා තම සංගමයේ සාමාජිකයෙකුට අයත් ත්‍රිරෝද රථයක් කල්බදු සමාගමකින් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී එම සමාගමේ නියෝජිතයින් ඇතුළු පිරිසක් සිදුකළ පහරදීමකින් ඔහු ඝාතනයට ලක්ව තිබුණි.
ඇඳිරි නීතිය පැවති පසුගිය මාස තුනක කාලයට අදාළව කල්බදු වාරික නොගෙවීම නිසා මෙම ලීසිං සමාගම පැහැරගෙන ගිය බවට සුනිල් ජයවර්ධන මහතාට පැමිණිල්ලක් ලැබී තිබුණි.
සාකච්ඡා අසාර්ථක වූ පසු සුනිල් ජයවර්ධන මහතා මූල්‍ය සමාගමේ අකටයුතුකම් ගැන දුරකථන මාර්ගයෙන් රජයේ බලධාරීන් දැනුවත් කර එම ස්ථානයෙන් ලේකම්වරයා සමග පිටව ගොස් නැවත සවස් කාලයේදී මූල්‍ය සමාගම ඉදිරිපිටට පැමිණිමත් සමග පොලු අතැතිව පැමිණි 8 දෙනෙකුගෙන් යුත් එම ආයතනයට සම්බන්ධ සේවක පිරිසක් ඔහුට සහ ලේකම්වරයාට අමානුෂික ලෙස පහර දී තිබුණි.
අදාළ ලීසිං සමාගම මහ බැංකුවේ ලියාපදිංචි සමාගමක් නොවන බව ද සදහන්ය.
ලීසිං පහසුකම් ලබාදෙන කල්බදු සමාගම් භාණ්ඩ අත්පත් කර ගැනීමේදී පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ. ආර්. ද සිල්වා සඳහන් කළේ “අවස්ථා 03ක් පුද්ගලයෙකුට දෙනවා ගෙවීම් කරන්න. තුන්වැනි අවස්ථාවේත් ගෙවීම් පැහැර හැර තිබුණොත් ඔය කියන වාහනය අත්පත් කර ගැනීමට ලීසිං ගිවිසුම යටතේ වාහනය ගැනීමේ හැකියාන තිබෙනවා. නමුත් එය කරන ක්‍රමවේදයක් තියෙනවා. පොලිසිය හරහා එය ලබා ගැනීමට ක්‍රියා කිරීමට පුළුවන්. එහෙම නැතුව බලහත්කාරයෙන් පුද්ගලයෙකුගෙන් වාහනයක් අත්පත් කර ගැනීමට බැහැ.” යනුවෙනි.