Aboutceylon Online

ධීවර හා නාවුක කටයුතු අවධානයෙන් සිදු කරන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇති වේ.

සබරගමුව පළාතෙත් නුවර එළිය, කළුතර, ගාල්ල සහ මාතරදිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වලට මි.මී.50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

දීවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.



නැගෙනහිර-මධ්‍යම සහ යාබද බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති අඩුපීඩන තත්ත්වය බටහිර-මධ්‍යම සහ යාබද වයඹ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව දැන් පවතී.එය ඉදිරි පැය 48 තුලදී බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවට අනුමාන කෙරේ. ගැඹුරු මුහුදු ප්‍රදේශ වල ධීවර හා නාවුක කටයුතු වල යෙදීමේදී මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

කොළඹ   සිට පුත්තලම සහ කන්කසන්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වාත්   ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වාත් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

Scroll to Top