සෑම පාසලකම සිසුන්ගේ පැමිණීම ආරම්භ වීමට පෙර ගිලන් කාමරයක් සකස් කර තිබිය යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දන්වා ඇත.
පාසලේ දී හදිසියේ දරුවකු රෝගී වූ අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කරන තෙක් රදවා තබාගැනීමට මෙම කාමරය යොදා ගත යුතු බවත් මිශ්‍ර පාසල්වල බාලක බාලිකාවන්ට වෙනම කාමර තිබිය යුතු බවත් අමාත්‍යංශය උපදෙස් දෙයි.
සිසුන් 50 ට අඩු පාසල්වලට ගිලන් ඇදන් එකක් ද, 50 සිට 500 දක්වා සිසුන් සිටින පාසල්වලට ගිලන් ඇදන් දෙකක් ද, 501 ට වඩා සිසුන් සිටින පාසල්වලට ගිලන් ඇදන් 3 ක් ද අවම වශයෙන් තිබිය යුතු බවද එහි සදහන් වේ.
සෑම පාසලකම ගිලන් කාමර දිනපතා දෙවරක් ද රෝගියෙකු රැදී සිට පිටව ගිය වහාම ද සෝදා හැරිය යුතු බවත් එහිදී විෂබීජ හරණය වන අන්දමින් පිරිසිදු කිරීමට වග බලාගත යුතු බවත් එම උපදෙස්වල සදහන් ව ඇත.