මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල කඩින් කඩ තද සුළං තත්ත්වයක් සමග දැඩි වර්ෂාවක් පතිත වෙයි.
මධයම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රි , මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වලටත් , ගිනිගත්හේන , වටවල , හැටන් , කොටගල , නොර්වුඩ් සහ මස්කෙලිය යන ප්‍රදේශවලටයි තද සුලං සහ වැසි තත්ත්වය පවතින්නේ.
පවතින අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත් , අතුරු මාර්ග වලත් වරින් වර ඝන මිදුම් තත්ත්වයක්ද පවති.
පවතින වර්ෂාව සමග ඒ 7 හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයෙත් , හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයත් ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.