Aboutceylon Online

වතුකරයේ බඹර අවධානමට අමතරව දෙබරුන්ගේද අවධානමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මස්කෙලිය පොලිස් වසමට අයත් ටි සයිඩ් වතුයායේ මල්ලිඅප්පුව වත්තේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ ඇතුලත සිවිලිමේ විශාල දෙබර කුඩුවක් බැද තිබිම හේතුවෙන් එම ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ දිවා කාලයේ සිටින ළමුන්ගේ ජිවිත වලට අවධානමක් පවතින බව එම ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සුරැකුම් ලබන ළමුන්ගේ දෙමව්පියන් චෝදනා කර සිටියි.

ඉතා කුඩාවට බැද තිබු දෙබර කුඩුව ක්‍රමයෙන් වර්ධනය වන බවත් , මේ වන විට එම දෙබර කුඩුව තුල දෙබරුන් විශාල වශයෙන් වෙසෙන බවයි එම ළමා සුරැකුම් මධ්‍යස්ථානය භාරව සිටින පාලිකාවද පවසන්නේ.



මිට දින කිහිපයකට ප්‍රථම බැද තිබු දෙබර කුඩුව වර්ධනය වි දෙබරුන් ඇවිස්සි ළමා සුරැකුම් මධ්‍යස්ථානය තුල දිවා කලයේ සුරැකුම් ලබන කුඩා ළමුන්ට පහර දි තුවාල සිදු කිරිමේ අවධානමක්ද මතු වි ඇති බවයි දෙමව්පියන් චෝදනා කරන්නේ.

දිවා කාලයේ තේ වතු වල වැඩට යන වතු කම්කරුවන්ගේ ළමුන් මෙම සුරැකුම් මධ්‍යස්ථානයට භාර දි නැවත තේ වතු යායේ වැඩ නිම විමෙන් පසු එම ළමුන්ගේ දෙමව්පියන් විසින් තම ළමයාව නිවසට  රැගෙන යන අතර පැය 8 ක පමණ කාලයක් ළමුන් 20 දෙනෙකු පමණ මෙම සුරැකුම් මධ්‍යස්ථානයේ ආරක්ෂාව යටතේ සිටියි.



ළමා සුරැකුම් මධ්‍යස්ථානය තුල බැද තිබෙන දෙබර කුඩුව සම්බන්ධයෙන් ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාව විසින් වතු පාලන අධිකාරිය වෙත දැනුම් දිමෙන් පසු  වතු පාලන අධිකාරිය මගින් නල්ලතන්නිය වනජිවි කාර්යයාලයට සහ මස්කෙලිය පොලිසිය වෙත දැනුම් දි ඇති බවද ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ සුරැකුම් ලබන ළමුන්ගේ දෙමව්පියන් පවසන්නේ.

කඩිනමින් ළමා සුරැකුම් මධ්‍යස්ථානය තුල බැද ඇති දෙබර කුඩුව ඉවත් කිරිමට කටයුතු කරන ලෙස ළමා සුරැකුම් මධ්‍යස්ථානය භාරව සිටින පාලිකාව සහ දෙමව්පියන් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

Scroll to Top