කොරෝනා වෛරසය සඳහා චීනය විසින් නිපදවනු ලබන පළමු එන්නත මෙම වර්ෂයේ අවසාන මාස කිහිපය වන විට භාවිත කිරීම සඳහා සුදානම් කිරීමට හැකිවෙනු ඇති බව එරට ප්‍රධාන පෙලේ වෛද්‍යවරයෙක් වන Zhong Nanshan ප්‍රකාශ කරයි.
කොවිඩ් 19 වසංගතයට එරෙහිව පත් කරනු ලැබූ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා වන වෛද්‍ය Zhong Nanshan ප්‍රකාශ කර සිටියේ වෛරසයට එරෙහිව සටන් කළ හැක්කේ එන්නතකින් මිස ප්‍රතිශක්තිකරණයෙන් නොවන බවයි.
යම් හෙයකින් වසංගතයේ දරුණු නැගිටීමක් සිදුවුවහොත් මේ එන්නත අපිට උපකාරිවන බව වෛද්‍ය Zhong Nanshan මෙහිදී කියා සිටියි.