Aboutceylon Online

නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජන ජිවිතය යථා තත්ත්වයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග මාස තුනකට ආසන්න කාලයක් පනවා තිබු ඇදිරි නිතිය ලිහිල් කර (08) දින සිට ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරිමට රජය කටයුතු කිරිමත් සමග නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන ජිවිතය යථා තත්ත්වයට පත් වි ඇත.

හැටන් බස් නැවතුම්පොලේ සිට කොළඹ දක්වා ධාවනය කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් ලංගම බස් රථ ගණනාවක් (08) දින සිට ධාවනයට එක් කර තිබුණද එම බස් රථ වල ගමන් කිරිමට සැලකිය යුතු මගින් සංඛ්‍යාවක් නොසිටි අයුරු දැකගත හැකි විය.

බස් රථ වල ගමන් ගන්නා මගින් සෞඛ්‍යය ආරක්ෂක නිර්නායක අනුගමනය කරමින් බස් රථ වල ගමන් කෙරිණ.

හැටන් දුම්රිය ස්ථානය (08) දින විවෘත කර තිබු අතර , තැපැල් කාර්යයාල කටයුතුද සමාන්‍යය පරිදි සිදු කරන අයුරුද දැකගත හැකි විය.

Scroll to Top