ශ්‍රී ලංකාවේ අතරමංව සිටින ඉන්දියානු ජාතිකයන් නැවත මව්රටට ගෙන්වා ගැනීම සඳහා තවත් ගුවන් යානා දෙකක් ඉන්දියානු රජයේ ‘වන්දේ භාරත්’ මෙහෙයුමේ තෙවන අදියරෙහි කොටසක් ලෙස පහත දැක්වෙන පරිදි සැලසුම් කර ඇත. COVID-19 වසංගතය හේතුවෙන් ලොව පුරා විවිධ රටවල සිරව සිටින ඉන්දියානු ජාතිකයන් නැවතත් සිය රටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාව විසින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති විශාලතම වැඩසටහන ‘වන්දේ භාරත්’ නමින් ක්‍රියාවට නංවා ඇත.
2020 ජුනි 15: AI 1202 කොළඹ සිට බැංගලෝර් දක්වා
2020 ජුනි 22: AI 0282 කොළඹ සිට දිල්ලිය – ලක්නව්-ගයා
ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වීම් මත පදනම්ව මෙම ගුවන් යානා සඳහා මගී ලේඛන සකස් කෙරෙනු ඇත. මේ සඳහා සේවයෙන් ඉවත් කරන ලද සංක්‍රමණික ශ්‍රමිකයන්/කම්කරුවන්, කෙටි කාලීන වීසා බලපත්‍ර කල් ඉකුත් වූ අයවලුන්, හදිසි වෛද්‍ය අවශ්‍යතා ඇති අයවලුන්, ගර්භණී මව්වරුන්/ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, පවුලේ සාමාජිකයකුගේ අවමංගල්‍යයක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය කරන අයවලුන් සහ ඉන්දීය රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2020 මැයි 24 දිනැති විදෙස් රටවල සිරව සිටින ඉන්දියානු ජාතිකයන් සිය රටට ගෙන්වා ගැනීමේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියේ (https://www.mha.gov.in/sites/default/files/MHAOrderDt24052020forspecifiedpersonstotravelabroad.pdf) දැක්වෙන පරිදි ශිෂ්‍යයන් ඇතුළු අත්‍යාවශ්‍ය අයවලුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.
මෙම ගුවන් යානා පිළිබඳ තොරතුරු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ යාවත්කාලීන කෙරෙනු ඇත. කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත ශ්‍රී ලංකාවේ සිරව සිටින ඉන්දීය ජාතිකයන් රැසකගෙන් ඉල්ලීම් ලැබී ඇති බැවින් ඒ අතරින් තෝරාගත් අයවලුන්ට පමණක් මෙම ගුවන් යානාවන්ගෙන් ඉන්දියාව බලා යාමට අවස්ථාව හිමි වනු ඇත. මේ සඳහා තෝරා ගත් අයට ඒ බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් විද්‍යුත් තැපැල් මඟින් දැනුම් දෙනු ඇත.
ගුවන් ගාස්තු හා ඉන්දියාවට පැමිණි පසු අනිවාර්ය නිරෝධායන පහසුකම් සඳහා වන පිරිවැය මගීන් විසින් දැරිය යුතු වේ. නිරෝධායන පහසුකම් සහ අදාළ ප්‍රාන්තය හෝ පාලන ප්‍රදේශය විසින් අනුගමනය කරනු ලබන සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය පිළිබඳ විස්තර ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ දක්වා ඇත.
මේ වන තෙක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී නැති ඉන්දීය ජාතිකයන්ට පහත ලින්ක් එක මගින් ලියාපදිංචි විය හැකිය. https://hcicolombo.gov.in/COVID_helpline ශ්‍රී ලංකාවේ සිරව සිටින ඉන්දීය ජාතිකයන්ට ඉවසීම් සහගතව සිටිනා ලෙස සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍යයන්හි යාවත්කාලීන කිරිම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස උපදෙස් දෙනු ලැබේ.