Aboutceylon Online

දේශපාලනය තුළ වසර 50 ක් සපිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය වෙත කෙරෙන ගුණකථනය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහින්ද රාජපක්ෂ මහතා දේශපාලඥයෙකු ලෙස වසර 50 ක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් ගුණකථනයක් කිරීමට ලැබීම පිළිබඳ මම ඉතා සතුටට පත් වෙමි.

ශ්‍රී ලංකා දේශපාලන‌යේ සේවය කළ කාලය තුළ පාර්ලිමේන්තු සාමාජිකයෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු, විපක්ෂ නායක, අග්‍රාමාත්‍ය මෙන්ම රටේ ජනාධිපති ලෙස, දේශපාලඥයෙකු ලෙස සේවය කළහැකි සියලුම දූරයන්හි ඔහු සේවය කරන ලදී.

ඔහු ඉතා කීර්තිමත් ලෙස සේවය කළ සෑම දූරයකදීම මෙරට ජනතාවගේ ජනාදරයට පාත්‍ර වෙමින් සහ විශ්වාසය දිනා ගනිමින් කටයුතු කිරීමට හැකිවිය. ප්‍රධානවශයෙන්ම, ඔහු මගින් මාර්ගෝපදේශය ලබන්නට තරම් ඔහු කෙරෙහි විශ්වාසය තැබූ රටෙහි සාමාන්‍ය ජනතාවගේ ඉතා වැදගත් නායකයකු විය.



කුමන තනතුරක් දැරුවද ඔහු නිත්‍යවශයෙන්ම ජනතාවගේ නායකයෙකු විය. ඔහු ජනතාවට ‌ගෞරවය කළ අතරම පෙරළා ජනතාවද ඔහුට ගෞරව කළහ.

ඔහු ජනතාවට ඉමහත් ශක්තියක් වූ අතරම පෙරළා ජනතාව ඔහුගේ ඉමහත් ශක්තියට හේතු විය. සෑම දේශපාලන නායකයෙකු හටම තිබෙන ශක්තිමත්ම ගුණාංගය මෙය වන අතර  මහින්ද රාජපක්ෂ මහතා හට මෙම ගුණාංගය බහුලව තිබුණි. ඔහුගේ දේශපාලන සාර්ථකත්වයට මෙය හේතු වූ අතර මෙය පිළිගත යුතු කරුණකි.



සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සහ පාර්ලිමේන්තුව තුළ මා විසින් නියෝජනය කරන දමිළ ජනතාව වෙනුවෙන් ඔහුට මාගේ උණුසුම් සුභ පැතුම් එකතු කරන අතරම තවත් සාර්ථක දේශපාලනික අනාගතයකට සුභ පතමි.

ශ්‍රී ලංකාව දේශයක් ලෙස ඉතා තීරණාත්මක නොවිසිඳුනු ගැටළු වලට මුහුණ දෙමින් සිටියි. දේශයට ඉතා දැඩිව රටෙහි උත්තරීතර නීතියෙහි එනම් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයක් පවතියි.



ශ්‍රී ලාංකික ජනතාව විසින් දශක ගණනාවක් පුරාවට ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළින්, ඉතා සැලකිය හැකි එකඟත්වයක් මත, දීර්ග කාලයක් පුරාවට සිත් යොමු කළ වෙනස් කම් සමග නව ව්‍යවස්ථාවක් ගොඩනැගීමට වරම දී ඇත.

ජනතාවගේ සහයෝගය ලබා ගනිමින් ශක්තිමත් නායකයෙකු මෙම හදිසි සහ අත්‍යවශ්‍ය උවමනාව සපුරාලිය යුතුය.  මහින්ද රාජපක්ෂ මහතා නොඅනුමානයෙන්ම මෙම තත්වයේ සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා මෙම කර්තව්‍යයට උරදීමෙන් සහ ක්‍රියාත්මක කිරීමෙන් එතුමා අනිවාර්යයෙන්ම උසස් තත්වයකට ගමන් කරනු ඇත. මේ තුළින් ඔහු උසස් දේශපාලන නායකයෙකු ලෙස උසස් විය යුතු අතරම මේ තුළින් ජාතික මට්ටමෙන් පමණක් නොව ජාත්‍යයන්තරයේ ද පිළිගැනීමට ලක්වන පෞරුෂයක් බවට පත්වනු ඇත. මෙම කරුණ සම්බන්ධයේදී අපගේ සම්පූර්ණ සහයෝගය ඔහුට ලැබෙන බව සහතිකය.



සාධාරණත්වය, සමානාත්මතාවය සහ ගරුත්වය මත පදනම් වූ අව්‍යාජ සහ ස්ථිරසාර සාමයක් ගෙන දුන් නායකයෙකු ලෙස, ශ්‍රී ලාංකික ඉතිහාසය තුළ සුවිශේෂි ස්ථානයක් ඔහුට මෙමගින් ලබා ගත හැක.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සියලු දෙනා හට මාගේ උණුසුම් සුභ පැතුම්.

ආර්. සම්පන්දන්

දමිළ ජාතික සන්ධානයේ නායක

Scroll to Top