Aboutceylon Online

වෛරසය පිිළිබඳ කිසිදු දැනුමක් නොමැති බව වූහාන්හි වෛරස් විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂකවරයා මාධ්‍යයට කියයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වෛරසය චීනයේ වූහාන් වෛරස් විද්‍යා ආයතනය මඟින් නිපදවා සමාජයට මුදාහරින ලද්දක් වන බවට චෝදනා එල්ල වෙද්දි වෛරස් විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂකවරයා ඒ ගැන කිසිම දැනුමක් නොමැති බව මාධ්‍යට ප්‍රකාශ කර තිබේ.

අධ්‍යක්‍ෂවරයා මුල්වරට මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කරන්නේ වෛරසය තමන්ට හමුවී නොතිබුණු බවත්, ඒ පිළිබඳව කිසිදු දැනුමක් නොමැති බවත්, ඒ පිළිබඳව පර්යේෂණයක් හෝ කර නොතිබූ බවත් පවසයි.

එවන් තත්ත්වයක් මත සිය විද්‍යාගාරයෙන් එය සමාජයට මුදාහැරුණු බවට පවසන්නේ කෙසේද යන්න ඔහු ප්‍රශ්න කරයි.

පසුගිය ඉරිදා ABC මාධ්‍ය ජාලය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් දැක්වූ මයික් පොම්පෙඕ Covid 19 වෛරසය වූහාන් නගරයේ ‘වෛරස් විද්‍යා ඇකඩමියෙන් පිට වූ බවට තමාට “අනන්ත සාක්ෂි” පවතින බව සඳහන් කළේය.

“මතක තියාගන්න. ලෝකයට වයිරස් ආසාදනය කිරීම් අතින් චීනයට ලොකු ඉතිහාසයක් තියෙනව. ඒ වගේ ම නියමිත ප්‍රමිතියෙන් තොර විද්‍යාගාර පවත්වා ගෙන යාම අතිනුත් ඔවුන්ට ඉතිහාසයක් තියෙනව,” රාජ්‍ය ලේකම්වරයා එම සාකච්ඡාවේදී කියා සිටියේය.



රොයිටර්’ පුවත් සේවය සමග සාකච්ඡාවකට එක් වූ ජනාධිපති ට්‍රම්ප්, කොරෝනා වෛරසයේ පැතිරීම සම්බන්ධයෙන් චීනය බොහෝ ප්‍රතිවිපාකවලට මුහුණ දී ඇති බවත් සඳහන් කළේය.

චීනය කල් තියා වසංගතය පිළිබඳ ලොව සෙසු රටවල් දැනුවත් කළ යුතුව තිබූ බව ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අදහසවිය.

කොරෝනාවෛරසයේ ආරම්භය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තමන්ට “සුවිශේෂී තොරතුරු ඇතුළත් සාක්ෂි” ලැබී නොමැති බව ලෝක සෞඛ්‍යය සංවිධානයේ හදිසි ආපදා අංශයේ අධ්‍යක්ෂ මයිකල් රයන් (Michael Ryan) පසුගිය සඳුදා ප්‍රකාශ කළේය.



“අපට පෙනී යන ආකාරයට,මේ කාරණය සම්බන්ධයෙන් තවමත් පවතින්නේ අනුමාන සහගත තත්වයක්,” මයිකල් රයන් පවසයි.

අපට සැබැවින්ම වැදගත් වන්නේ මේ වෛරසයේ ආරම්භය පිළිබඳව විනිවිද පෙනෙන සුළු විධිමත්, ස්වාධීන අධීක්ෂණයක්, එහෙම කළොත්, අපට එමගින් පාඩම් ඉගෙන ගන්න පුළුවන්,” ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පෙන්වා දෙයි.



‘Covid 19’ විද්‍යාගාරයකින් එළියට පැමිණි වෛරසයක් යයි තහවුරු කෙරෙන “සාක්ෂි නොමැති” බව, බටහිර “ඔත්තු අංශයන්හි ආරංචි මාර්ග” මේ අතර, ප්‍රවෘත්ති වැඩ සටහන් කීපයකට ප්‍රකාශ කර තිබිණි.

කොරොනා කාගේ කවුද ? තවත් නොබෝ දිනකින් කොරෝනාවේ ඇත්ත නැත්ත එලියට ???

Scroll to Top