Aboutceylon Online

කවසකි රෝගය වැළඳීමෙන් මිය ගිය පළමු දරුවා ප්‍රංශයෙන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දරුවන් අතර පැතිර යන කවසකි රෝගය මේ වන විට ලොව පුරා විවිධ රටවල හිස ඔසවමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කවසකි රෝගය වැළඳීමෙන් මිය ගිය පළමු දරුවා ප්‍රංශයෙන් වාර්තා වුණා. ඒ 9 හැවිරිදි පිරිමි දරුවෙක්.

ස්නායු පද්ධතියට බලපෑම් එල්ල වීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවයි වෛද්‍ය විශේෂඥයන් සඳහන් කළේ.



මෙම රෝගය කොරෝනා වෛරසය සමග ද සම්බන්ධයක් ඇති බවට වෛද්‍යවරුන්ගේ සැක පහළ වී තිබෙනවා.

මිය ගිය දරුවාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. ඔහු රෝහලේ දවස් 7 ක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසුවයි ජීවිතක්‍ෂයට පත්වුණේ.

දින 05 කට වඩා වැඩි කාලයක් උණ, සිරුරේ රතු ලප ඇතිවීම, බෙල්ලේ වසා ගැටිති ඉදිමීම, දිව ස්ට්‍රොබරි ගෙඩියක් මෙන් රත් පැහැ ගැන්වීම සහ ඇස් රතුවීම මෙම රෝගයේ මුලික රෝග ලක්ෂණ වේ.



” සාමාන්‍යයෙන් වසරකට “කවසකි” රෝගය ආසාදනය වූ රෝගීන් 50 ක් 100ක් අතර ප්‍රමාණයක් මෙරටින් වාර්තා වනවා. නමුත් කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය සමග කවසකි කියන මෙම රෝගය කුඩා ළමුන් අතර ව්‍යාප්තවීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති වෙලා තිබෙනවා කියලා විදේශ රටවලින් වාර්තා වෙලා තිබෙනවා.

ඉහත කියූ රෝග ලක්ෂණ ඇත්නම් වහාම පිළිගත් රෝහලක ළමා රෝග විශේෂඥයෙක්ට පෙන්වීම වැදගත්.

Scroll to Top